Sathosa Ad Final Sinhala
Pasidol
15976 BM WEB BANNER 01
Feb 10, 2017

වෙළඳුන් සහල් විකිණීම නවතා විරෝධයක !

ගැසට් කර ඇති උපරිම සිල්ලර මිලට සහල් විකිණීමට නොහැකි බව පවසමින් ඇතැම් වෙළෙඳසැල් සහල් විකිණීම නතර කර ඇති අතර ඇතැම් වෙලද සැල් වසා දමා ඇතැයි වාර්තාවේ.

එසේම, රජය විසින් ගැසට් කර ඇති මිලට සහල් වෙලදපලේ නැති බවට චෝදනා එල්ලවී ඇති අතර,  මේ වන විටත් නාඩු සහල් සහල් කිලෝග්‍රෑමක් අලෙවි වන්නේ රුපියල් 95-100ත් අතර මිලකටය.

මේ අතර පාලන මිලට වැඩියෙන් සහල් විකිණු ස්ථාන 30ක් වටලා ඇති පාරිභෝගික කටයුතු අධිකාරිය, පිටකොටුව සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශ වලදී අල්ලා ගනු ලැබු  මෙම වෙළෙදුන්ට විරුද්ධව ඉදිරි දිනවල නඩු පවරන බව කියා සිටියි.

රුපියල් 70 මිලට ආනයනික සහල් සතොස අලෙවිසල් වල විකිණීමට ඇතත් ඒවායේ දිගු පෝලිම්වල සිටිය යුතු අතර එක් පුද්ගලයෙකුට ලබා දෙන්නේ සීමිත කිලෝ ප්‍රමාණයක් පමණි.

මේ තත්වය මත රට පුරා සහල් හියක මතුව ඇති බව වාර්තාවේ.

කෙසේවුවද, ලබන සතියේ බුරුමයේ සිට සහල් නැවක් දිවයිනට ලගාවන බවත්, ඒ අනුව සහල් හිඟය මඟහැරී යනු ඇති බවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරුවන්ගේ වෙළඳ සංගමය ඊයේ ප්‍රකාශ කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top