Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 11, 2017

වීජේවීර සහෝදරයා තිස්සමහාරාමේ (ඡායා)

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා සිය ගම් ප්‍රදේශයේ සැරිසරන බවට රාවයක් තිස්ස මහාරාමය පුරා පැතිරගොස් තිබේ.
 
මේ පුවත පැතිර ගොස් ඇත්තේ තිස්සමහාරාමේ පිහිටි රන්මිණිතැන්නේ රූගත කෙරෙන චිත්‍රපටයක් නිසාය. 
 
අනුරැද්ධ ජයසිංහ මහතා මෙහි අධ්‍යක්ෂවරයාය.
 
කෙසේවුවද අනුරැද්ධ මේ සිනමා පටය ගැන දක්වා ඇත්තේ මෙවැනි අදහසකි.
 
“මෙම නිර්මාණය ට පාදක වෙන්නේ රෝහණ සහෝදරයගෙ 1978-1989 දේශපාලන යුගය සහ ඉන්පසු භාගයේ දේශපාලනය.  මෙය ඉතා ඉවසලිමත් නිරීක්‍ෂණ, ගවේෂණ ඇසුරින් කරනු ලබන නිර්මාණයක්. මේ සඳහා විවිධ අය දායකත්වය සපයනවා. තිර රචනයට අවශ්‍ය ගවේෂණ කටයුතු ජයජසිරි ජයසේකර, ආරියවංශ ධම්මගේ යන අය සම්බන්ධවුනා. ඒ වගේම මෙහි තවත් නිර්මාණාත්මක කොටසක් සකස් කරගන්න තිබෙනවා.  මෙහි දර්ශණ පසුතල උලපනේ, රන්මිහිතැන්න ආදී ප්‍රදේශ තෝරාගෙන තිබෙනවා ප්‍රධාන වශයෙන්”.
 
 නාරද තොටගමුව මෙහි වේශ නිරූපණ ශිල්පියාය.
 
මෙහි විජේවීරගේ චරිතය රගපානු ලබන්නේ ලංකාවේ දක්‍ෂ චරිතාංග රංගන ශිල්පියෙක් වන කමල් අද්දරආරච්චි විසිනි.
 
ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, ප්‍රියන්ත සිරිකුමාර, අතුල පතිරණ, සුලෝචනා වීරසිංහ, දිල්හානි අශෝකමාලා, මීණා කුමාරි ඇතුළු පිරිසක් මෙහි සෙසු චරිත මවති.
 
ඡායාරූප - තුසිත කුමාර

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top