Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 15, 2017

ආනන්ද, නාලන්ද, ඞීඑස් සිසුහු මරා ගනිති

කොළඹ ආනන්ද, නාලන්ද, ඩි.එස්. සේනානායක විදුහල්වල සිසුන් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ සිසුන් 8 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

තවත් 15 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසිය.

ආනන්ද නාලන්ද සිසුන් අතර ගැටුමක් හටගෙන ඇත්තේ ප්‍රේම සබදතාවක් මුල් කරගෙනය.

ඞී.එස්. සේනානායක විදුහලේද සිසු දෙපිරිසක් අතර ගැටුමක් සිදුව තිබේ.

ගැටුමෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකටද, තවත් පුද්ගලික බස් රථයකට, වෑන් රථ දෙකකට සහ මෝටර් රථයකට ද අලාභ සිදුව ඇත.

(එම ඡායාරූප පහතින් දැක්වෙයි)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top