Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 17, 2017

ශ්‍රී ලංකා පිලේ වෙනසක් නෑ

ඔස්ට්‍රේලියාව සමඟ අද (17) මෙල්බර්න් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගයට සහභාගිවන්නේ පුහුණු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ම බව ඔස්ට්‍රේලියාවෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ශ්‍රී ලංකාව ලසිත් මාලිංග කෙරෙහි බලාපොරොත්තු දල්වාගෙන සිටින අතර ඔස්ට්‍රේලියාව ඇරොන් ෆින්ච් ගැන බලාපොරොත්තු දල්වාගෙන සිටින බව පැවසේ.

මේ තරගාවලිය පැවැත්වෙන්නේ ටෙස්ට් සහ එක්දින නායක ස්ටීවන් ස්මිත් සහ උපනායක ඬේවිඞ් වෝනර් ඇතුළු ඉදිරි පෙළ ක්‍රීඩකයෝ ඕස්ට්‍රේලියාවනු ටෙස්ට් කණ්ඩායම සමග ඉන්දියාවට ගොස් සිටියදීය.

ශ්‍රී ලංකා සංචිතය

උපුල් තරංග (නායක), විකුම් සංජය, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, චාමර කපුගෙදර, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, කුසල් මෙන්ඩිස්, ඩිල්ශාන් මුණවීර, සචිත් පතිරණ, සීක්කුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන්, දසුන් ශානක, මිලින්ද සිරිවර්ධන, ඉසුරු උදාන.

ඕස්ට්‍රේලියානු සංචිතය
ඒරන් ෆින්ච් (නායක), මයිකල් ක්ලින්ගර්, ඒවෝන් රිචඞ්සන්, බිලී ස්ටැන්ලේක්, ඇෂ්ටන් ටර්නර්, පැට් කමින්ස්, බෙන් ඩන්ක්, ජේම්ස් ෆෝක්නර්, ට්‍රැවිස් හෙඞ්, මොයිසස් හෙන්රිකස්, ටිම් පේන්, ඇන්ඩෲ ටේ සහ ඇඩම් සම්පා,

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top