nsb

Feb 20, 2017

විමල් ආයෙත් ඇතුළේ

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ලබන මස 06 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද(20දා) නියෝග කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අදාළ නියෝගය නිකුත් කර තිබේ.

පසුගිය රජය සමයේ වාහන අවභාවිතය තුළින් රජයට පාඩු සිදු කිරීමේ චෝදනා මත පොලිස් මූල්‍ය  අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මේ අතර එම චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය  සාමාන්‍යාධිකාරීවරයා ඇප මත මුදාහැර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top