Feb 24, 2017

කුඹුරුගමුවේ වජිර හිමි රිය අනතුරක !

පහළ කඩුගන්නාවේදී වාහනය ප්‍රපාතයකට යෑමෙන් සබරගමු විශ්ව විද්‍යාලයයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියන් ඇතුළු තිදෙනකු රෝහල් ගත කළ බව මාවනැල්ල පොලිසිය සඳහන් කළේය.

තුවාලකරුවන් දෙදෙනකු මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් තුවාල කරුවෙක් කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

කෙසේවුවද, කුඹුරුගමුවේ වජිර නාහිමියන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top