nsb

Feb 25, 2017

චතුරගේ බොරු පොත ඇත්ත පොතේ මාකටිංවලට ?

පසුගිය සතියේ සිට මේ දක්වාම චතුර සේනාරත්න මෙරට සමාජජාල තුල පුවත් මවන්නෙක් බවට පත්ව ඇත්තේ ඔහු ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ස්වයං චරිතාපදානයේ පූර්ව අලෙවිකරණ මෙහෙයුමේ කොටසක් ලෙස යැයි රාවයක් පැතිර තිබේ.

දෙරණ රූපවාහිනිය සමඟ පැවැත් වූ සංවාදයකදී පළ කල අදහස් වල කාල ගැලපීම පිළිබඳ වූ අවිනිශ්චිතතා නිසා ඔහු බොරු කියන බවට සමාජ ජාල තුල වැපිරීම අදාළ පොතට ප්‍රචාරණය ලබාදෙන මෙරට ප්‍රමුඛ පෙලේ ප්‍රචාරණ සමාගමක උප්පරවැට්ටියක් බවද කියවේ.

ඔහුගේ ජීවිතයට අදාළ සිදුවීම් වල කාල ගැලපීම පිළිබඳව සමාජය තුල දෙගිඩියාවක් ඇති කර ඒ හරහා පොත අලෙවි කර ගැනීම අදාළ ප්‍රචාරණ සමාගමේ ඉලක්කය වී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top