Feb 26, 2017

ඉරාජ් හා පේෂල චතුරගේ සහයට (වීඩියෝව)

ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ස්වයං චරිතාපදානයේ පූර්ව අලෙවිකරණ මෙහෙයුම් වලට දෙරණ නාලිකාවේ නිවේදකයකු වන පේෂල මනෝජ් හා ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නත් හවුල්ව ඇති බවට රාවයක් පැතිර තිබේ.

මේ රාවය පැතිරයාමට හේතුවී ඇත්තේ ඉරාජ් හා පේෂල එක්ව ටිං ටිං ගේ වීරක්‍රියා නැමැති වීඩියෝවක් යූ ටියුබ් වෙත මුදා හැරීම නිසාය.

පසුගිය සතියේ සිට මේ දක්වාම චතුර සේනාරත්න මෙරට සමාජජාල තුල පුවත් මවන්නෙක් බවට පත්ව ඇත්තේ ඔහු ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ස්වයං චරිතාපදානයේ පූර්ව අලෙවිකරණ මෙහෙයුමක් ලෙස බව මේවන විට මාධ්‍ය අනාවරණය කර තිබේ.

දෙරණ රූපවාහිනිය සමඟ පැවැත් වූ සංවාදයකදී පළ කල අදහස් වල කාල ගැලපීම පිළිබඳ වූ අවිනිශ්චිතතා නිසා ඔහු බොරු කියන බවට සමාජ ජාල තුල වැපිරීම අදාළ පොතට ප්‍රචාරණය ලබාදෙන මෙරට ප්‍රමුඛ පෙලේ ප්‍රචාරණ සමාගමක උප්පරවැට්ටියක් බවද කියවේ.

ඔහුගේ ජීවිතයට අදාළ සිදුවීම්වල කාල ගැලපීම පිළිබඳව සමාජය තුල දෙගිඩියාවක් ඇති කර ඒ හරහා පොත අලෙවි කර ගැනීම අදාළ ප්‍රචාරණ සමාගමේ ඉලක්කය වී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top