15976 BM WEB BANNER 01
Feb 27, 2017

කඩුවෙල සමයංට වෙඩි - හතක් මරුට (ඡායා/වීඩියෝ)

කළුතර එතනමඩල ප්‍රදේශයේ අද උදෑසන එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන් සහ සැකකරුවන් මෙසේයි.

* එස් සන්නිගම් - බන්ධනාගාර නියාමක

* එස් ආර් විජේරත්න - බන්ධනාගාර ජේලර්

වෙඩි තැබීමෙන් මිය ගිය සැකකරුවන් -

* එම් පී අරුණ උදයංග පතිරණ (සමයං)

* සන්තක චලන තිලක් මල්ලිකාගේ

* කෝරලගේ අමිල ප්‍රසන්න සම්පත්

* වාද්දුව පතිරගේ කැළුම් ප්‍රියංකර

* ලිඳමුලගේ සුරංග ප්‍රසන්න කුමාර

update - 13. 50 pm

---------------------------------------------------------------------------------------------------------------

කළුතර එතනමඩල ප්‍රදේශයේ අද උදෑසන එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.

සිද්ධියෙන් අනතුරට පත්ව රෝහල් ගත කර සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ද මීට ටික වේලාවකට පෙර මිය ගොස් තිබේ.

update 11.00am

------------------------------------------------------------------------------------------------------------------------------------------------

කඩුවෙල සමයංට වෙඩි - හයක් මරුට

කළුතර සිට කඩුවෙල අධිකරණය වෙත රැඳවියන් රැගෙන එමින් තිබූ බන්ධනාගාර බස් රථයකට කළුතර එතනමඩල ප්‍රදේශයේ දී වෑන් රියක් හරස්කොට අද (27) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුකර ඇතැයි කළුතර දකුණ පොලිසිය සඳහන් කළේය.
 
අරුණ උදයන්ත හෙවත් කඩුවෙල සමයන් නමැති පාතාල සාමාජිකයා ඇතුළු රැඳවියන් පහක් සහ බන්ධනාගාර නිලධාරියකු සිද්ධියෙන් මියගොස් ඇතැයි ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.
 
පොලිස් ඇඳුමින් සැරසී පැමිණි පිරිසක් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පැවසේ.
 
රැඳවියන්ගේ ආරක්ෂාවට පසුපසින් පැමිණි බන්ධනාගාර නිලධාරීන් රැගත් තවත් බස් රියකට ද වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් එහි සිටි බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ද තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
 
වසර 2015 දී ද සමයං ඉලක්ක කර කඩුවෙල අධිකරණයේදී වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබිණි.
 
ඡායාරූප - බ්‍රයිටර් ෆියුචර්
Samayan 1
 
Samayan 2
 
Samayan 3
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top