Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Mar 03, 2017

රොෂා රිමාන්ඩ් (update)

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ තිබී ගිනිඅවි සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොන් ශාලු රොෂාන් ඉන්දික ද සිල්වා හෙවත් රොෂා නැමැත්තා මාර්තු 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

update 14.15pm

-------------------------------------------------------------------------------------------------------------------------------------------------

ගල්කිස්ස උසාවියට පිස්තෝල ගෙනා රොෂා භාරවෙයි

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ තිබී ගිනිඅවි සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන පුද්ගලයා ගල්කිස්ස පොලිසියට පැමිණ භාර වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඊයේ (02) රාත්‍රියේදී මොහු පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු දොන් ශාලු රොෂාන් ඉන්දික ද සිල්වා හෙවත් රොෂා ලෙස හැඳින්වෙන පාතාල ක්‍රියාකාරිකයෙකු ලෙසට සැලකේ.

මේ සම්බන්ධයෙන් ඊයේ සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 20 දෙනෙකු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

මෙම පුද්ගලයින්ගෙන් 9 දෙනෙකු ගිනිඅවි සොයාගන්නා අවස්ථාවේදී ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේම රැඳී සිටි අයයි. අනෙක් පුද්ගලයින් ගිනිඅවි සොයාගන්නා අතරවාරයේ ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයට පැමිණි අය වේ.

මෙම පුද්ගලයින්ගෙන් 16 දෙනෙකු රත්මලාන වැටකෙයියාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ප්‍රශ්න කිරීම්වලින් හෙළිව ඇත.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top