Mar 07, 2017

ඉන්දීය ධීවරයන් තිදෙනෙකුට වෙඩි

 
ශ්‍රී ලංකා මුහුදුතීරයට නීතිවිරෝධීව ඇතුල් වූ බවට පැවසෙන ඉන්දීය ධීවරයන් තිදෙනෙකුට අද (07) අළුයම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙඩිතබා ඇතැයි වාර්තා වේ.
 
මෙම වෙඩිතැබීමෙන් එක් ධීවරයෙකු මියගොස් ඇති බවත් තවත් ධීවරයෙකුගේ තත්ත්වය බරපතල බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
 
මෙම ධීවරයන් තමිල්නාඩුවේ රාමේෂ්වරම් ප්‍රදේශයෙන් බව පැවසේ.
 
මේ ප්‍රහාරය එල්ල කළ බවට චෝදනා නාවික හමුදාව විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, මේ සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස ධීවර ඇමති මහින්ද අමරවීර මහතා නියෝග කර ඇත.
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top