Mar 10, 2017

ජනපති කොමිසමට පැමිණි අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් CID ය ප්‍රශ්න කරයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අද (10දා) උදෑසන ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණ තිබේ.

ඒ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහාය.

මේ වන විට අර්ජුන් මහේන්ද්‍රන් මහතා ජනාධිපති කොමිසමෙහි සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් සිටින බව වාර්තාවේ.

කොමිසම හමුවේ පෙනී සිටින ලෙස පසුගිය 08 වනදා ඔහුට නොතීසි නිකුත් කෙරුණි.

ඡායා-ලංකාදීප

arjun 1

arjun 2

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top