nsb

Mar 14, 2017

ආබාධිත සෙබළෙකු නිසා වික්ටර් යළි කරළියේ !

ප්‍රවීන සංගීතඥ වික්ටර් රත්නායකගේ ගීතයක් යොදා තනන ලද වීඩියෝවක් අන්තර් ජාලයේ ජනප්‍රියත්වයකට පත්ව තිබේ.

මෙසේ ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ පද්මකුමාර මෙත්තසේන රචිත "ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැදුණු දේශය” යන ගීතයයි.

මේ ගීතය මෙසේ ජනප්‍රියවීමට හේතුවී ඇත්තේ පැවැති 30 වසරක සාපකාරී යුද්ධය හේතුවෙන් දෑතම හා වම් පාදය නැතිවී ඇති යුද හමුදා සෙබලකු වර්තමානයේ ගෙවන ජීවිතය සම්බන්ධ දුක්බර යථාර්ථයක් ඉන් හෙළිවන නිසාය.

මේ වීඩියෝව සකසා අන්තර් ජාලයට මුදාහැර ඇත්තේ චමිල් රූපසිංහ විසිනි.

අදාළ වීඩියෝව පහත දැක්වේ.

දර්ශන අනුග්‍රහය චමිල් රූපසිංහ..

ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැදුණු දේශය..
මගේ මේ රටයි සුන්දර - බලනු මැන සකී...//

ජාතියේ උදා ලෝකය - මගේ හදවතයි දේශය
සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..//

සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..

විදෙස් දේශයන් අබියස - නිවට ජාතියක් විලසට
දෙදණ බිම ඔබා මැතිදුනි - හිඳිනු මම කෙසේ..//

ජාතියේ මහා මානය - මගේ හදවතයි දේශය..
සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..//

සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..

ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැදුණු දේශය..
මගේ මේ රටයි සුන්දර - බලනු මැන සකී...//

ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : පද්මකුමාර මෙත්තසේන
සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top