Nov 01, 2016

අද සිට දුරකතන ගාස්තු වැඩිවේ

අද සිට වැට් බද්ද 15‍% තෙක් ඉහල නැංවීම ක්‍රියාත්මක වීමත් සමග දුරකතන ගාස්තුද ඉහළ යාමක් සිදුවේ.

භාණ්ඩ හා සේවා 80කට වැඩි ප්‍රමාණයක් නව මෙම බදු සංශෝධනයෙන් නිදහස් කර ඇති නමුත්, දුරකතන, තැපැල් ගාස්තු ආදියට මෙම බද්ද ඇතුලත් වේ.

දුරකතන සේවා සදහා අලුත්තෙන්ම එකතුවන 15‍% ක වැට් බද්ද නිසා දුරකතන ගාස්තුවලින් 48‍% පමණ බදු ලෙස ගෙවීමට සිදු වෙනු ඇති බව වාර්තා වේ.

දුරකතන සන්නිවේදන සේවාවලදී වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්දට අමතරව සෙස් හා විදුලි සංදේශ බදු ද අය කෙරේ.

දුරකතන සන්නිවේදන සේවා සැපයීමේදී සෙස් බද්ද සියයට 2ක්, විදුලි සංදේශ බද්ද සියයට 25ක්, ජාතිය ගොඩනැගීමේ බද්ද සියයට 2ක් සහ එකතු කළ අගය මත බද්ද සියයට 15ක් ලෙස අය වන බවත් ඒ සඳහා අදාළ සූත්‍රයක් වන බවත් සඳහන්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top