nsb

Mar 14, 2017

පැහැර ගත් නෞකාව ලංකාවේ ලියාපදිංචි කර නැහැ

ශ්‍රී ලංකා  ධජය සහිත නෞකාවක්  සෝමාලියානු කොල්ලකරුවන් ඉන්දියානු සාගරයේදී පැහැරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම නෞකාව දැනට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ නෞකාවක් නොවන බව නාවික හමුදාව පවසයි.

මෙහි සේවය කළ 8 දෙනා ශ්‍රී ලාංකිකයන් බවට තොරතුරු වාර්තා වී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වළාකුළුගේ මාධ්‍ය වෙත පවසා තිබේ.

මෙය ඩුබායි සමාගක ලියාපදිංචි නෞකාවක් බව තහවුරු වී ඇති අතර, නෞකාව සොයා මෙහෙයුම් දියත් කර ඇති බව යුරෝපා සංගමයේ නාවික බලකාය ප්‍රකාශ කර තිබේ.

ඩුබායි රාජ්‍යයට  අයත් අයිරිෂ් 13 නෞකාව කාර්ය මණ්ඩලයේ 8ක් සමග මෙලෙස පැහැරගැනීමට ලක්ව ඇති අතර කුඩා යාත්‍රා දෙකක් අදාළ නෞකාව හඹා ගොස්  පසුව එය ඔවුන්ගේ ග්‍රහණයට ගෙන ඇති බව පැවසේ.

අදාළ නෞකාවේ තාක්ෂණික පද්ධතිය ද ක්‍රියා විරහිත කර ඇත. නෞකාව මගින් අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර ඇති බව ප්‍රවෘත්ති වාර්තා සඳහන් කරයි.

සිද්ධිය තහවුරු වන්නේ නම් 2012 වසරෙන් පසු සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැර ගත් පළමු වාණිජ නෞකාව ලෙස මෙය සැලකෙනු ඇත. 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top