nsb

Mar 18, 2017

එජාපයට සහකාර නායකයින් තිදෙනෙක්

සහකාර නායකයින් තිදෙනෙකු පත්කර, තමා සතු වගකීම් හා රාජකාරිවලින් කොටසක් ඔවුන් වෙත පවරා එක්සත් ජාතික පක්ෂ යලි ශක්තිමත් ලෙස ජනතාව අතරට ගෙනයාමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට එම යෝජනාව ගෙනවිත්, සහකාර නායකයන් ලෙස මංගල සමරවීර, සරත් ෆොන්සේකා හා රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරු පත් කිරීමට නියමිත බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

එසේම, අමාත්‍ය මංගල සමරවීර මහතාට යහපාලන ආණ්ඩුවේ ප්‍රචාරක කටයුතු මෙහෙයවීමේ වගකීමද පැවරෙනු ඇතැයි පැවසේ. එය ජනාධිපතිවරයාගේ යෝජනාවක් අනුව ගනුලබන තීන්දුවකි.

මේ වන විට එජාපයේ නියෝජ්‍ය නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාත් උපනායක ලෙස රවී කරුණානායක මහතාත් කටයුතු කරන අතර, ඔවුනට මෙතෙක් නිශ්චිත වගකීම් පවරා නොමැත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top