nsb

Nov 01, 2016

මුල් පුරවැසි නිවසින් කසළ වර්ග කිරීම අරඹයි (ඡායා)

දිරන සහ නොදිරන වශයෙන් වෙන්කළ කසළ පමණක් එකතු කිරීමේ වැඩසටහන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසින් අද (01දා) ආරම්භ කළේය.

අද සිට සියලුම මහ නගර සභා (23) එකතු කරනුයේ දිරන හා නොදිරන වශයෙන් වෙන්කළ කසළ පමණකි.


ඇතැම් පාසල්,  පොලිස් ස්ථාන, පාර්ලිමේන්තුව, මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු රාජ්‍ය ආයතන රැසක් කසළ වෙන් නොකරන බව  පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.


එසේම අදින් පසුව වෙන් නොකළ  කසළ අවිධිමත් ලෙස බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව, නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටත් නියමිතය.ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගැනීමටත් අමාත්‍යාංශය තීරණය කර තිබේ.


අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ තොරතුරු 119 අංකය මගින් පොලීසියට සහ 0112 587 124, 0112 593 111 අංක මගින් පොලිස් පරිසර කොට්ඨාසයට ලබාදිය හැකි බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

GarbageProgrammePrasidant 600px 01 11 16

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top