Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 02, 2016

ඝාතනය වූ යාපනය සරසවි සිසුන්ට වන්දි

පොලිස් වෙඩි පහරින් මියගිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනා වෙනුවෙන් වන්දි මුදලක් ලබා දීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව ජනපති මාධ්‍ය අංශය කියයි.

යාපනය විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිසක් හා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් ජනපති ලේකම් කාර්යාලයේ ඊයේ (01දා) පැවැති අවස්ථාවේදී ජනපතිවරයා මේ බව පවසා ඇත.

එසේම මරණ පිළිබඳව වන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කඩිනම් කිරීමටද ජනපතිවරයා නීතිපතිට උපදෙස් දී ඇත.

මෙම සාකච්ඡා සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන මහතාද එක්ව සිටියහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top