nsb

Nov 02, 2016

ටිරාන් නොවැම්බර් 10 තෙක් රිමාන්ඩ්

රාඩා ආයතනයේ සිදුවී ඇතැයි කියන රුපියල් මිලියන 200ක මූල්‍ය වචාවක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා හා තවත් දෙදෙනෙකු ලබන නොවැම්බර් 10 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහාධිකරණය අද (02) නියම කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සෙසු දෙදෙනා වන්නේ රාඩා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසූරිය හා එහි ගණකාධිකාරී ජයන්ත ඩයස් සමරසිංහ යන දෙදෙනාය.

ටිරාන් මහතා, රාඩා හි සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

වසර 2005 දෙසැම්බර් මස 01 සහ 2006 වසරේ පෙබරවාරි මස 08 වැනිදා අතර කාලයේදී කොළඹ දී හා කිලිනොච්චියේදී රජය සතු රුපියල් මිලියන දෙසීයක් සාවද්‍ය සාපරාධී පරිහරණය, ඒ සඳහා අනුබලදීම, කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධිචෝදනා හතක් යටතේ පොදු දේපළ පනත අනුව කොළඹ මහාධිකරණය හමුවෙහි නීතිපතිවරයා ටිරාන් අලස් මහතාට එරෙහිවඅදාළ නඩුව පවරා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top