Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 02, 2016

පොර්ට් සිටි තාවකාලිකව නැවැත්වීම රැකියා 5,000ක් අහිමි කරලා

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (පෝර්ට් සිටි) නව රජය බලයට පත්වීමත් සමඟ තාවකාලිකව නවත්වා තිබීමෙන් ශ්‍රී ලාංකිකයන් 5,000කට පමණ සෘජු හා වක්‍ර රැකියා අවස්ථා අහිමි වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑන්ලින්ග් මහතා කියයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (01දා) කොළඹ චීන තානාපති කාර්යාලයේ පැවැති මාධ්‍ය වැඩමුළුවක් අමතමිනි.

එය නවාතා තැබූ කාලසීමාවේදී චීනයට ද දිනකට ඩොලර් මිලියනයක පමණ අලාභයක් සිදුවූ බවද ඔහු එහිදී කියා සිටියේය.

මේ ක්‍රියාවෙන් රැකියා අහිමිවූවන්ගේ වගකීම බාර ගන්නේ කවුරුන්දැයි තානාපතිවරයා එහිදී ප්‍රශ්න කර සිටියේය.

වසර එක හමාරක පමණ කාලයක් ව්‍යාපෘතිය නවතා තැබීම හේතුවෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ චීන සමාගමට සිදුවන පාඩුව පිළිබඳව ශ්‍රී ලංකා රජයට සතිපතා වාර්තාවක් ලබාදුන් බවත් ඔහු පැවැසීය.

චීනය වැඩි පොලියට ණය ලබාදුන් බවට පැවැසුවත් ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇත්තේ 2% පමණ පොලියකට බවත්, වත්මන් රජය මේ වනවිට 5.8%ක පොලී ප්‍රතිශතයක් යටතේ ණය ලබාගෙන තිබෙන බවද තානාපතිවරයා අනාවරණය කළේය.

යම් හෙයකින් නොරොච්චෝලේ බලාගාරය චීන රජයේ මැදිහත්වීම මත ඉදිනොවුණානම් වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින විදුලි ඉල්ලුම කෙසේ සපයන්නේදැයි හෙතෙම ප්‍රශ්න කළේය.

ඉදිරි වසර තුන - පහ ඇතුළත ශ්‍රී ලංකාවට චීනයෙන් ඩොලර් බිලියන 05කට අධික සෘජු විදේශ ආයෝජන පැමිණීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවේ නීතියේ හා ප්‍රතිපත්තියන්හි ස්ථාවරත්වයද රජයේ ආයතනවල මෙන්ම රාජ්‍ය සේවකයන්ගේ කාර්යක්ෂමතාවද ඉතාමත් වැදගත් බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

කාලයෙන් කාලයට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ වෙනස් වුවත් ප්‍රතිපත්ති වෙනස් නොවන වාතාවරණයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ යුතු බවත්, රට තවත් බාහිරට විවෘත කළ යුතු බවත් තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top