Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 02, 2016

අලුත් පක්ෂයට ලොක්කෙක් නෑ : සභාපති ජී.එල්.

"අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ” යන නමින් ලියාපදිංචි වී තිබූ දේශපාලන පක්ෂක නම" ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ”’ ලෙස වෙනස්කර ඇතැයි වාර්තා වේ.

අදාළ පක්ෂය ඒකාබද්ධ විපක්ෂයේ උවමනාව වෙනුවෙන් පිහිටුවන ලද්දක් බවද පැවසේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා එහි සභාපති ධූරය දරණු ලබයි.

එම පක්ෂයේ ලේකම්වරයාවන්නේ නීතිඥ සාගර කාරියවසම් මහතාය.

නව පක්ෂයට නායකයකු තවම පත්කර නැතැයි ද මේ අතර වාර්තා වේ.

පක්ෂයේ ලංඡනය මල් පොහොට්ටුව බවද වන අතර මෙහි නායකත්වය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හිමිවිය හැකි බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද, අදාළ පක්ෂය සැකසීමේ පිටුපස සිටින්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බවටද මේ අතර රාවයක් පවතී.

මෙම පක්ෂය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය යෙදෙන නොවැම්බර් 18 වැනිදා අනුරාධපුරයේ දී එළි දැක්වීමට නියමිත බවටද පුවත් පලවී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top