Nov 05, 2016

කරු ජයසුරියගේ දියණියගේ අවමගුල 11 දා ලන්ඩනයේදී Featured

කතානායක කරු ජයසුරිය මහතාගේ කනිටු දියණිය වූ අභාවප්‍රාප්ත ඉන්දිරා ජයසුරිය මහත්මියගේ අවසන් කටයුතු මේ මස 11වන දින බ්‍රිතාන්‍යය Kent Bromley සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

අද (05) පස්වරුවේ දී බ්‍රිතාන්‍යයේ සිට දිවයිනට පැමිණීමට නියමිත කතානායකවරයා, දියණියගේ අවමගුල් කටයුතු සඳහා යලි බ්‍රිතාන්‍ය බලා පිටත්ව යනු ඇත.

update- 8.08 AM


කරු ජයසූරියගේ දියණිය මිය යයි(update)

කථානායක කරු ජයසූරිය මහතාගේ කනිටු දියණිය වූ සංජීවනී ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මිය ඊයේ (02) රාත්‍රියේදී අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට හතළිස් වන වියෙහි පසු වු ඇය මෙලෙස අභාවප්‍රාප්ත වුයේ ලන්ඩනයෙහිදීය.

කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සහ දේවි බාලිකා මහා විද්‍යාලයේ ආදි සිසුවියක වූ ඇය මහා බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් (Full Neck Girls School in Yorkshire) හි උසස් බාලිකා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව බ්‍රැඩ්ෆර්ඩ්  (Bradford) විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා පශ්චාත් උපාධියද ලන්ඩන් ආර්ථික විද්‍යා ආයතනයෙන් (London School Of Economics) ආර්ථික විද්‍යා ශාස්ත්‍රපති උපාධියද දිනා ඇත.

අනතුරුව බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙලේ මූල්‍ය ආයතන කිහිපයක කළමනාකරණ ශ්‍රේණියේ තනතුරු ගණනාවක් හෙබවූ ඇය මිය යන විට ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාරිනියක ලෙස සේවය කරමින් සිටියාය.

දෙදරු මවක් වූ ඉන්දිරා ජයසූරිය මහත්මිය විවාහ වී සිටියේ බ්‍රිතාන්‍ය ජාතික මානව සම්පත් කළමනාකරණ විශේෂඥයෙකු වූ මාටින් ඩිකර් මහතා (Martyn Dicker) සමගය.

ඇය 2008 වසරේ සිට පිළිකා රෝගය වැළඳීම හේතුවෙන් රෝගාතුරව සිටියාය.
 
කෙසේ වෙතත් ඇය සිය පිළිකාවට එරෙහිව සටන් කර 2012 වසරේදී සුවපත් වූ අතර නැවතත් 2014 වසරේ සිට රෝගාතුරව සිටියාය.
 
දේහය පිලිබඳ අවසන් කටයුතු අැයගේ අන්තිම කැමැත්ත පරිදි ලබන සෙනසුරාදා ලන්ඩනයේදී පැවැත්වීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කරූ ජයසූරියගේ දියණිය දිවියෙන් සමුගනී

කතානායක කරූ ජයසූරිය මහතාගේ බාල දියණිය මීට ස්වල්ප මොහොතකට පෙර මියගොස් ඇතැයි වාර්තා වේ.

මියයන විට ඇය ලන්ඩන් නුවර දී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top