nsb

Nov 03, 2016

අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ අවසන් කටයුතු සෙනසුරාදා (Update) Featured

අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා සිදුකෙරෙන බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

පාංශුකූලය ලබාදීමෙන් අනතුරුව අමරදේව ශූරීන්ගේ දේහය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

හෘදයාබාධයක් හේතුවෙන් අද (03) උදෑසන රෝහල් ගත කෙරුණු පණ්ඩිත් අමරදේවයන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 88 කි.

update-03.26PM

...........................................................................................................................................................................................................................................................................................................................

හෙළයේ මහා ගාන්ධර්වයා දැයෙන් සමුගනී

හෙළයේ මහා ගන්ධර්වයා වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමරදේව ශූරීන් මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී ඇත.

update-11.20AM


අමරදේව ශූරීන් රෝහල් ගතකරයි

ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් රෝහල් ගත කර තිබේ.

හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මේ වන විට අවශ්‍යකරන ප්‍රතිකාර සඳහා යුහුසුළුව කටයුතු කරමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top