nsb

Apr 20, 2017

විමල්ගේ දේශපාලන මණ්ඩලයේ තාවකාලික එකඟතාවයක්

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ හා ඔහුගේ බලය අතට ගෙන ක්‍රියා කරන ඔහුගේ ඥාතීන්ගේ ඇතැම් අත්තනෝමතික ක්‍රියා මාර්ග පාලනය කිරීමට ඊයේ (19) එම පක්ෂයේ දේශපාන මණ්ඩල රැස්වීමේදී වීරවංශ මහතා එකඟවී ඇත.

පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මතයට පිටුපා විමල් වීරවංශ මහතා බන්ධනාගාරය තුලදී සිදුකල උපවාසයත්, ඔහු බන්ධනාගාරගතව සිටියදී ඔහුගේ බිරිඳ ඇතුළු ඥාතීන් පිරිසක් පක්ෂයේ මතය නොතකා කටයුතු කල ආකාරයත් හේතුවෙන් එම පක්ෂ අභ්‍යන්තරයේ මත ගැටුමක් ඇතිව තිබිණි.

වීරවංශ මහතා සිය බිරිය එම පක්ෂයේ වැඩවලට අත පෙවීමෙන් සම්පූර්ණයෙන් ඉවත් කර තැබීමට එකඟව ඇති බවද පැවසේ.

මේ අතර, වීරකුමාර දිසානායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසීම සම්බන්ධයෙන්ද ඔහුගෙන් විමසීමක් කර ඇති අතර ඔහු එහිදී එම මුණ ගැසීමට අදාළ කරුණු හෙළිකළ බවද පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top