Apr 21, 2017

රස්තියාදු කන්තෝරුව- කවුන්සිලර් කාර්යාලය - වි.ක. අමාත්‍යාංශය

විදෙස් වීසා සඳහා අවශ්‍යකරන විභාග සහතික, විවාහ සහතික, උප්පැන්න සහතික සත්‍යාපනය කරන කවුන්සිලර් කාර්යාලය මිනිසුන් රස්තියාදු කරන, වීසා එපා කරවන ස්ථානයක් බවට පත්වී ඇත.

මෙය පිහිටුවා ඇත්තේ කොටුවේ පිහිටි සෙලින්කෝ ගොඩනැගිල්ලේය.

කෙසේවුවද, එම කාර්යාලය සෙලින්කෝ ගොඩ නැගිල්ලේ තිබුණ ද මොටර් රථයකින් පැමිණි අයකුට එහි සිය මෝටර් රථය ගාල් කිරීමට සෙලින්කෝ ආරක්ෂක අංශය අවස්ථාව නොදෙන බව පැවසේ.

මේ නිසා එහි කාර්යන් කර ගැනීමට මොටර් රථයකින් පැමිණි අයකුට සිය රථය ගාල් කිරීමට කොටුව පුරා ගමන් කිරීමට සිදුව තිබේ.

බොහෝවිට එම කාර්යාලයට පැමිණෙන අය සිය මෝටර් රථ ගාල්කරනු ලබන්නේ ගාළු මුවදොර පිටියේය.

වඩාත් හාස්‍ය දනවන්නේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන්, මෙම සේවා (online consular service) යනුවෙන් හඳුන්වා දී තිබීම නිසාය.

මෙයින් කිසිදු online සේවාවක් සිදු නොවීමද විශේෂිතය.

මේ සම්බන්ධයෙන් නම හෙළි කිරීමට අකමැති වූ මෙහි සේවය ලබා ගැනීමට ගිය රාජ්‍ය සේවයකයකු අදාළ කාර්යාලයේදී සිදුවූ අලකලංචියක්ද මේ අතර ලියා එවා තිබේ.

සැකෙවින් එය මෙසේය.

online සේවාව ඔස්සේ මම විසින් සත්‍යාපන කටයුත්තක් සඳහා දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගත්තෙමි.

එම වේලාව පෙ.ව 7.30 -පෙව 8.00 විය.

එහෙත් පෙ.ව 8.00 වන තුරු කිසිදු සේවකයෙකු වැඩ ආරම්භ කර නොතිබුණි. මා සේවකයෙකුගෙන් විමසුවේ සේවා ආරම්භ කරන්නේ නැතිද? යන්නයි. ඔහු පැවසුවේ '' කොම්පියුටර්'' වැඩ නොකරන බවයි. ඒවා හදන වේලාව කිව නොහැකි බවද ඔහු පැවසීය. මෙම සත්‍යාපන සේවාව යනු එක් එක් ආයතන වලින් ලබා දෙන සහතික නැවතත් සහතික කිරීමයි.

මේවා සහතික කිරීම සදහා මුදල් ගන්නවා හැරෙන්නට, මිනිසුන් රස්තියාදු කරවීමට සීමාවක් නැත.

තමන්ගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත හෝ විවාහ සහතිකයේ මුල්පිටපත ගෙන ආවද ඔවුන්ව හරවා යවයි. ඔවුන්ට අදාළ දිස්ත්‍රික්ක වලින් නැවත අනු පිටපත් ගෙන එන ලෙස දන්වා ආපසු හරවා යවයි. හේතුව නම් 1961 අත්සන පරිශීලනයේ නැති නිසාය. 1901 උප්පැන්නය මොනරාගල කාර්යාලයට ගොස් නැවත අනුපිටපත් ගත්විට එය පිළිගනී. හේතුව අලුත් මොණරාගල අත්සන කොටුවේ කවුන්සිලර් කාර්යාලයේ පිළිගෙන තිබීමයි. කවුන්සිලර් කාර්යාලයට මීට වඩා අඩු විහිළු සැපයිය හැකිද?

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top