Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 06, 2016

අලූත් පක්‍ෂයේ කොඩිය මහනුවරින් ඔසවයි (වීඩියෝ)

ඒකාබද්ද විපක්‍ෂයේ මහනුවර දිස්ත්‍රීක් බල මණ්ඩලය පෙරේදා (05) දිනයේ මහනුවරදී පැවැත්වුනි.

එය සංවිධානය කර තිබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා විසිනි.

මෑතකදී පිහිටුවන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ලකුණු වන ‘මල් පොහොට්ටුව’ ලකුණ සහිත පසුබිම් බැනරයක් සහිත වේදිකාවේ සිට මන්ත්‍රීවරයා කියා සිටියේ ඉදිරියේදී සංවිධාය කටයුතු සදහා ගමින් ගමට එන බවයි.


මහින්ද අතින් සාමාජිකත්වය !


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව පක්‍ෂයට පළමු සාමාජිකයා බදවා ගැනීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනය යෙදී ඇති නොවැම්බර් 18 වැනිදා සිදු වනු ඇති බව ඒකාබද්ද විපක්‍ෂයේ ආරංචි මාර්ග පවසයි.

ඓතිහාසික අනුරාධපුර නගයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මෙසේ නව පක්‍ෂයේ පළමු සාමාජිකයා බදවා ගනු අතැයි පැවසෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top