15976 BM WEB BANNER 01
Nov 06, 2016

උමාරියා, අමරදේවයන්ට ආචාර කළ හැටි (වීඩියෝ)

පණ්ඩිත අමරදේවයන්ගේ වියෝව දැනගන්නා විට ලංකාවේ නොසිටි උමාරියා ඇගේ ශෝකය පලකිරීමට අපුරු ක්‍රමයක් භාවිත කළාය.

ඒ නම් ඇය අමරදේව මාස්ටර් සමග ගායනා කරන ලද ගීතයක් වන හන්තානේ සිහිනේ ගීතය ගායනා කරමිනි.

මෙහි වීඩියෝව පහතින් බලන්න.

බලා වැළපෙමි නෙළාගනු බැරි
හන්තාන සිහිනේ….
දරා නෙත් අග දොවා සිත් මල්
ගොතනු මැන ළඳුනේ….
සංසාර සිහිනේ…

වැහි පබළු යට රඟමඬල මැද
ඔබේ දෑතේ තුරුලු වන්නට
බිසෝ හැර ගිය ළසෝ රඟහල
අමාවක අඳුරේ…..
නොයනු මැන ළඳුනේ…

වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොඳුරු ඒ සද දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ…

ගායනය – පණ්‌ඩිත් අමරදේව සහ උමාරියා
පද රචනය – ජානක සිරිවර්ධන
සංගීතය – අරුණ ගුණවර්ධන

(lankanewsline)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top