Nov 06, 2016

ජී.එල්ගේ නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජී. එල්. පීරිස්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සදහන් කළේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව සාමාජිකයෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබා ගන්නේ නම් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය නිතැතින්ම අහෝසි වන බවය. ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපතිවරයා ලෙස මහාචාර්ය ජී. එල්. පීරිස් ඉකුත්දා පත් කිරීම හේතුවෙන් නිදහස් පක්ෂ මහ ලේකම්ගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ කරුණ සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව දැනුවත් කර, ඒ බව ජී. එල්. පීරිස් හිටපු මන්ත‍්‍රීවරයාට ලිඛිතව දැනුම් දීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි ද ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top