nsb

Nov 06, 2016

රනිල්ව පුම්බන්න මාධ්‍ය ජාලයක් (වීඩියෝ)

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිරූපය ගොඩනැගීම සදහා රුපියල් බිලියනයක් වියදම් කොට මාධ්‍ය ආයතනයක් ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා මහනුවරදී පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.

එම මුදල වියදම් කරන්නේ මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් ආන්දෝලනයට ලක්වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතා විසින් යයිද කෙහෙළිය මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

එම මාධ්‍ය ජාලය විසින් ලොව සිටින දක්‍ෂතම වෙබ් අඩවි ක්‍රියා කරවන්නන් පිරිසක් ලංකාවට කැදවා බැදුම්කර මගඩිය සුද්ද කිරීමේ සූදානමක් ඇති බවද හෙතෙම පැවසීය.

කෙසේවුවද මෙම මාධ්‍ය ජාලයට ජනාධිපතිවරයාගේ සහය ඇති බව පවසමින් එජාපයේ ප්‍රබල ඇමතිවරයකු පුළුල් ප්‍රචාරයක් ගෙන යමින් සිටින බවද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top