15976 BM WEB BANNER 01
May 19, 2017

'ත්‍රීවිධ හමුදාව ශක්තිමත් කරනවා' - ජනපති

ත්‍රීවිධ හමුදාව ශක්තිමත් කිරීමේ කාර්යභාරය රජය සෑම විටම නොපිරිහෙලා ඉටු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.

අද (19) පස්වරුවේ පැවති 'ජාතික රණවිරු සැමරුම් උළෙල'ට එක්වෙමින් ජනාධිපතිවරයා මේ සඳහන් කළේය.

'රණවිරු සේවා අධිකාරිය' සංවිධාන කළ මෙම සැමරුම් උළෙල පැවැත්වුණේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට පිහිටි 'රණවිරු ස්මාරකය' අභියසය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ තිස් වසරක ත්‍රස්තවාදය පරාජය කිරීමට දායකත්වය දුන් 'රණවිරුවන්' යුග මෙහෙවරක් ඉටු කර ඇති බවයි.

මැති ඇමතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම යුධ බිමේදී ජිවිතක්ෂයට පත් හමුදා සාමාජිකයින්ගේ දෙමව්පියන්, බිරින්`දෑවරුන්, දූ දරුවන් ඇතුළු ඥාතීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

සර්ව ආගමික වතාවත් සිදු කරමින් මියගිය ආරක්ෂක හමුදා සාමාජිකයින්ට පිං පැමිණවීම ද මෙහිදී සිදු කෙරුණ අතර, 'රණවිරු ස්මාරකය' වෙත පුෂ්පෝපාහාර දැක්වීම ද සිදුවිය.

comment (1)

  • Freddie

    I visited several sites but the audio quality for
    audio songs present at this site is genuinely excellent.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top