Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 09, 2016

ආබාධිත සෙබළුන්ට ගැහුවේ කව්ද ? අගමැති සොයයි

ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ පිරිසකට කඳුළු ගෑස් එල්ල කර විසුරුවා හැරීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා වෙත උපදෙස් ලබාදී තිබේ.

ඒ  අනුව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ නියෝගය මත එම අමාත්‍යංශ ලේකම් ජගත් පී. විජේවීර මහතා විසින් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගලකමිටුවක් පත්කර තිබේ.

 නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේසහකාර ලේකම් නිශාන්ත වීරසිංහ සහ ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල්සුදත් රණසිංහ යන මහත්වරුන් ඊට ඇතුලත්කර තිබේ.

අදාල වාර්තාව 2016.11.10 වන දින වනවිට ලබාදෙන ලෙස අමාත්‍ය සාගල රත්නායක මහතා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

උද්ඝෝෂණයේ යෙදුණු ආබාධිත සෙබළුන් පිරිසක් සහ භික්ෂු සංවිධාන කිහිපයක් පෙරේදා උදෑසන ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරීමේදි උණුසුම් තත්ත්වයක් හට ගත් අතර එය පාලනය කරගැනීම සඳහා පොලිසිය කඳුළු වායු හා ජල ප්‍රහාර ද එල්ල කළ කළේය.


ජනපතිගේ ප්‍රතිචාරය :


 පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් අපවත් වී වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ (08) පැවති ගුණ සැමරුම් උළෙල අමතමින් මේ සම්බන්ධයෙන් අදහස් පළකර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ''ආබාධිත රණවිරු විරෝධතාවයට පොලීසිය විසින් අතින් පයින් පහර දී නැති බවත්, ජල ප්‍රහාරයක් පමණක් එල්ල කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

එම සිදුවීම සිදුවෙද්දී තමන් සිටියේ ඉන්දියාවේ බවත්, තමන් මෙරට සිටියේ නම් එසේ හෝ පහර දීමක් සිදුවීමට ඉඩ නොතබවන බව ද හෙතෙම කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top