nsb

Nov 09, 2016

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 'සාම වැඩසටහනට' බොදුබල සුභපැතුම්

ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට බොදු බල සේනා සහ බොදු ජන පෙරමුණේ සුභපැතුම් එක්කර තිබේ.

ඒ සම්බන්ධයෙන් එම සංවිධාන නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි මෙසේ සඳහන් වේ.

''ලෝක සාමයට තර්ජනයක් වෙමින් පවතින ඉස්ලාමික ත්‍රස්තවාදය මුලිනුපුටා දමන බවට සෘජු ප්‍රකාශ කරමින් අරාබි මුදල් ඇතුළු සියලු අන්තවාදී බලවේග ඉදිරියේ නොසැලෙමින් ඇමරිකානු බහුතර ජන මතයෙන් එරට නව ජනපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ඔහු විසින් ලෝක සාමය උදෙසා ඉදිරිපත් කරන ලද සැලැස්ම ක්‍රියාත්මක කිරීම සදහා බොදු බල සේනා සහ බොදු ජන පෙරමුණේ සුභපැතුම් පළකර සිටිමු.

රුසියානු ජනාධිපතිවරයා විසින් ගෙනගිය ඉස්ලාමික ත්‍රස්ත සංවිධාන මර්ධනය කරමින් ලෝක සාමය උදාකරලීමේ වැඩසටහන සදහා බටහිර බලවතුන් විසින් විධිමත් සහයෝගයක්මේ වනතුරු නොදුන් අතර ඇමරිකානු නව ජනාධිපතිවරයා විසින් එම තත්වය මගහැර බලවතුන් සියල්ල එක්කර ගනිමින් ලෝක සාමය සහ සහජීවනය ඇති කිරීමට ක්‍රියාකරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. ''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top