nsb

Nov 09, 2016

කපුගේ ගේ මෑණියන් සමුගනී

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායක ගුණදාස කපුගේගේ ආදරණීය මෑණියන් වූ සිරිබද්දනගේ ඇලිස් නෝනා මාතාව අවුරුදු 94 ක් ආයුෂ වළඳා අද (09) උදෑසන අභාවප්‍රාප්ත වුවාය.

ඇල්පිටිය මිරිස්වත්ත පදිංචිව සිටි ඇය, දියණියන් දෙදෙනකුගේ හා පුතුන් හතර දෙනෙකුගේ ආදරණීය මෑණින්යන්වේ.

කපුගේ මාතාවගේ ආදාහන කටයුතු නොවැම්බර් 12 වන සෙනසුරාදා සවස 4.00 ට ඇල්පිටිය තණබද්දේගම මිරිස්වත්ත කපුගේ මාවතේ පිහිටි සිංහ ක්‍රීඩා පිටියේදී සිදුකිරීමට නියමිතය.

දේහය මහජන ගෞරවය සදහා මිරිස්වත්තේ පිහිටි කපුගේ මහතාගේ මහගෙදර තැන්පත් කර ඇත.

(ඇල්පිටියේ අයි.එම්.වී.සි. ගුණසේකර)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top