Nov 09, 2016

ඇමරිකාව සමග යාලුවෙන්න පුටින් සූදානම් !

අමෙරිකාව සමග ද්වී පාර්ශවික සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට තමන් සූදානමින් සහ බලාපොරොත්තුවෙන් සිටින බව රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් පවසයි.

අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඞ් ට්‍රම්ප්ට සුභාශිංෂණ පළ කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

ඔබාමා ට්‍රම්ප් අමතයි:

මේ අතර ඇමෙරිකාවේ වත්මන් ජනපති බරැක් ඔබාමා එරට 45 වැනි ජනාධිපතිවරයා ලෙස ජයග්‍රහණය ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දුරකථනයෙන් කතා කරමින් සුබ පතා තිබේ.

හෙට (10) දිනයේ ධවල මන්දිරයට පැමිණෙන්නැයි බරක් ඔබාමා, ඩොනල්ඞ් ට්‍රම්ප්ට ආරාධනා කර ඇත.

බල හුවමාරුව සිදුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අපේක්ෂාවයි.

මෙම මැතිවරණය පුරා ඔබාමා සිය පක්ෂයේ හිලරි වෙනුවෙන් ප්‍රසිද්ධියේ සහාය දැක්වූ අතර, ඡන්දයට දිනක් තිබියදීද ඔබාමා මෙන්ම, මිෂෙල්ද හිලරි ජයග්‍රහණය කරන බව අවධාරණය කළහ.

නමුත්, මැතිවරණ ප්‍රතිඵල අවසානයේදී හිලරි සිය පාක්ෂිකයන්ටවත් ආචාර කිරීමට නොපැමිණි අතර, රිපබ්ලිකන් පක්ෂයෙන් අලියා ලකුණෙන් තරග වැදුණ ඩොනල්ඞ් ට්‍රම්ප්, සිය ජයග්‍රහණය සැලවීමෙන් පසු ආධාරකරුවන් අමතමින් කියා සිටියේ මින් ඉදිරියට තමන් සියලු අමෙරිකානුවන්ගේ ජනාධිපතිවරයා බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top