Nov 10, 2016

ට්‍රම්ප් ජනාධිපති කලේ වැඩිහිටි පිරිමින්

මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සඳහා ඡන්දය දුන් ඡන්දදායකයින්ගෙන් 53% ක්‌ වයස අවුරුදු 45 ට වැඩි පිරිමි පුද්ගලයන් බව වාර්තාවේ.

හිලරි ක්‌ලින්ටන්ට ඡන්දය ප්‍රකාශ කළ ඡන්දදායකයින්ගෙන් 54% ක්‌ වයස අවුරුදු 44 ට අඩු කාන්තාවන්ය.

ඒ අනුව ජනාධිපතිවරණයේදී තීරණාත්මක පුද්ගලයන් බවට පත්වූයේ වැඩිහිටි ඇමරිකානු පුරුෂ පක්‍ෂයයි.

''අපට අවශ්‍ය ඇමරිකාවේ ගිලිහී යමින් පවතින අභිමානය යළි ලබා ගැනීමටයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ අභිමානය යළි ලෝකය තුළ පතුරුවනු ඇතැයි අපට විශ්වාසයක්‌ තිබෙනවා. එනිසා අපි ඔහුට ඡන්දය දුන්නා'' යෑයි එම ඡන්දදායකයින් බහුතරයක්‌ ප්‍රකාශ කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top