Jun 11, 2017

අධිකරණ තීන්දු ගන්නා කොළඹ හතේ පන්සලක් !

කොළඹ-07 පිහිටි ප්‍රධාන පෙළේ ජනප්‍රිය පන්සලක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවැති කාලයේ කළ වංචා-දූෂණ නඩුවලට අදාළ අවසාන තීරණ ගන්නා ස්ථානයක් බවට පත්ව ඇතැයි 'සත්හඬ' පුවත්පත වාර්තා කරයි.

රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු හමුදා ප්‍රධානීන් හා ඉහල තනතුරු දැරුවන් මෙහි ප්‍රධාන පෙළේ දායකයකු ලෙස කටයුතු කරන අතර, මහින්ද රාජපක්ෂ හිතවාදී විනිසුරුවරුන් රහසිගතව හමුවීම සහ නඩු තීන්දු සහ නඩු සම්බන්ධ සාකච්ඡා පැවැත්වීම මේ ස්ථානයේ දී සිදුවන බවත් එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

මේ පන්සලට ඉහළ අධිකරණවල මෙන්ම පහළ අධිකරණවල ද සේවය කරන විනිසුරුවරු නිතර පැමිණෙන බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් වන තම නිරීක්ෂණ ආරක්ෂක මණ්ඩලයට ද ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ද එම පුවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top