Jun 13, 2017

ඔසඳ යාපාට වරෙන්තු

රිය අනතුරක් සම්බන්ධයෙන් චෝදනා 6ක් යටතේ පවරා තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ දෙවන පුත්‍රයා වන ඔසඳ යාපා අබේවර්ධනට අද වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, කොළඹ රථ වාහන අධිකරණය විසින්.

2016 වසරේ දෙසැම්බර් මාසයේ සිදුවූ මෙම රිය අනතුර පිළිබදව කුරුඳුුවත්ත පොලීසිය මගින් අදාළ නඩුව පවරා තිබුණි.

ඒ අනුව කොළඹ රථවාහන මහේස්ත්‍රාත් රංගන කලංසූරිය නියෝග කළේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

මෙම නඩුව ලබන ඔක්තෝම්බර් මස 3 වන දා යළි කැදවීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top