Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jun 13, 2017

රවී, රුවන්, ලොතරැයි හා ටෙන්ඩර් පටලවගෙන !

පෞද්ගලික ආයතනයක ටෙන්ඩරයක් යොදා කරන ලද ඉදිකිරීමක් සම්බන්ධයෙන් අද (13) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ සාකච්ඡා වෙමින් තිබියදී විදේශකටයුතු හා ලොතරැයි අමාත්‍ය රවී කරුණානායක මහතා හදිස්සියෙම නැගී සිටිමින් ආණ්ඩුව අපහසුතාවයකට ලක්කරණ වෙබ් මාෆියාවක් ක්‍රියාත්මකවන බව පවසා තිබේ.

කරුණානායක මහතා අදාළ සාකච්ඡාවට මැදිව සිටි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද අන්දුන් කුන්දුන් කරමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරු සිනාසෙන්නට වූ බවද පැවසේ.

පසුව අදාළ මාෆියාවේ ප්‍රධානියා වන්නේ රුවන් ෆර්ඩිනැන්ඩර් බවද කරුණානායක මහතා පවසා තිබේ.

දිගින් දිගටම වෙබ් අඩවිවලින් පහරදෙන බව කියමින් කරුණානායක මහතා මෙහෙමගියොත් මේ ආණ්ඩුව කරගත නොහැකි බවද පවසා ඇත.

කෙසේවුවද, ඇමති රවීගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිනාසෙමින් බලා සිටි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම කතාබහ ගැන හිස ඔසවා හෝ නොබැලූ බවද වාර්තා වේ.

පසුව දිගින් දිගටම රුවන් ගැන කතා කළ රවී තමාගෙන් රුවන් රුපියල් ලක්ෂ 25ක් ඉල්ලූ බවත් එය නොදුන් නිසා මෙසේ තමා හා ආණ්ඩුව අපහසුතාවයට ලක්කරණ බවත්, කරුණානායක මහතා දිගින් දිගටම පවසා තිබේ.

ඊට මැදිහත් වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා ඇත්තේ රුවන්ගෙන් ගැටලුවක් විය නොහැකි බවත්, ඔහු දැන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ තමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බවත්ය.

එසේම, ඔහු කටයුතු කරන්නේ ආණ්ඩුවේ සහයෝගයට බවද සමරවීර මහතා පවසා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top