Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jun 14, 2017

ලිට්රෝ ගෑස් මිල ඉස්සෙයි !

ඊයේ (13) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ලිට්රෝ ගෑස් මිල ඉහල දැමීමට තීරණය වී ඇතැයි වාර්තා වේ.

මෙසේ ලිට්රෝ ගෑස්මිල ඉහල දැමීමට තීරණයවී ඇත්තේ මේවන විට ගෑස්වල ගිවිසුම් මිල පහල යමින් පැවැතීම නිසා පවතින මිලට ගෑස් අලෙවි කළහොත් 2017 වසරේදී ගෑස් සමාගමට බිලියන 1.1ක පාඩුවක් විඳීමට සිදුවනු ඇති බවට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පෙන්වා දීමෙන් පසුවය.

අමාත්‍යවරයා අදාළ තත්ත්වය කැබිනට් පත්‍රිකාවක් යොදමින් ඊයේ පෙන්වාදුන් බව වාර්තා වේ.

ගෑස් වෙළෙඳ පොළ තුළ 72% ක ගෑස් ඒකාධිකාරියක් ලබා ගැනීමට සමත්ව සිටින ලිට්රෝ සමාගම 2015 - 2016 කාලයේදී රුපියල් බිලියන 6කට වැඩි ලාභයක් ලැබීමට සමත්ව ඇති බවද පැවසේ.

12.5 kg සිලින්ඩරය 219කින් වැඩි වෙයි!

මේ අනුව, 12.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 219කින් ඉහලයාමට නියමිත බව වාර්තා වේ.

මිල සූත්‍රය යොදාගනිමින් මේ වැඩිකිරීම් සිදුකර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top