nsb

Nov 10, 2016

අයවැයට කැබිනට් අනුමැතිය

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2017 අයවැය ලේඛනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද (10දා)පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.

එහිදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් මෙවර අයවැය  පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

ඒ අනුව ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අමාත්‍යවරයා කියා සිටියේය.

අයවැය කතාව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අද පස්වරු 2.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top