nsb

Nov 10, 2016

ATM පෝලිම අඩු කිරීමට අයවැය යෝජනාවක් ?

(Update) ස්වංයක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් ගැනීමේ දී අය කරන මුදල රුපියල් 10 දක්වා වැඩි කෙරාන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අයවැය යෝජනා ඉදිරිපත්කරමින් අද (10) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

අන්තර්ජාල සේවා මත විදුලි සංදේශ ගාස්තුව 25%ක් දක්වා වැඩිකෙරේ

නිශ්චල දේපල බැහැර කිරීමේදී උපලබ්ධි වන ලාභ මත 10% ප්‍රාග්ධන ලාභ බද්දක්

පැරණි වාහන අපනයනයේදී බදු සහන

ස්වංයක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් ගැනීමේ දී අය කරන මුදල රුපියල් 10 දක්වා වැඩි කෙරේ.

අධිවේගී මාර්ගයේ ගාස්තු රාත්‍රී නවයේ සිට උදෑසන පහ දක්වා රුපියල් 50කින් අඩු කෙරේ.

මුං ඇට කිලෝවක මිල රුපියල් 15කින් අඩු කෙරේ. පරිප්පු රුපියල් 10කින් ද, හාල්මැස්සන් රුපියල් පහකින් ද, සුදු සීනි රුපියල් දෙකකින් ද, භූමිතෙල් රුපියල් පහකින් ද, ගෑස් රුපියල් 25කින් අඩු කෙරේ.

අත්‍යවශ්‍ය පරිභෝගික භාණ්ඩ සඳහා ලක් සතොස සිල්ලර වෙළෙඳ සල් ජාලය පුළුල් කෙරේ. වෙළෙඳසල් සියයක් ඉදි කිරීමට රුපියල් මිලියන පහ බැගින් වෙන් කෙරේ.

කුඩා වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කෙරේ.

පිරිවෙන් සිසුන් සඳහා මාසිකව රුපියල් 2500ක් ලබා දීමට යෝජනා කෙරේ.

අපදා කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයක් පැල්මඩුල්ලේ ඉදි කෙරේ.

2017 මැයි මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ නිල වෙසක් උත්සවය සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කෙරේ.

රට පුරා වාණිජ අධිකරණ හතරක් ඉදි කිරීමට යෝජනා කෙරේ.

සේවා පියස සඳහා රුපියල් මිලියන 1500ක් වෙන් කෙරේ.

සමෘද්ධි ව්‍යාපාරයේ නම ජන ඉසුරු ලෙස වෙනස් කිරීමට යෝජනා කෙරේ.

ක්‍රීඩාවේ නවකයන් හඳුනාගෙන අත දීමට රුපියල් මිලියන 50ක් වෙන් කෙරේ.

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව, නිධානය වැනි චිත්‍රපට සංරක්ෂණය සඳහා ඒකකයක් ජාතික චිත්‍රපට සංස්ථාවේ ආරම්භ කිරීමට රුපියල් මිලියන 50ක් වෙනේ කෙරේ.

උතුරු නැගෙනහිර විවිධ ජනකොටස්වල සාමය හා සංහිඳියා වැඩසටහන සඳහා රුපියල් මිලියන 180ක් වෙන් කෙරේ.

අමරදේව සංගීත ආශ්‍රමය පිහිටැවීමට රුපියල් මිලියන 25ක් වෙන් කෙරේ.

ස්වයං රැකියාවල නිරත තරුණ තරුණියන් 50කගෙන් ආරම්භ කළ ව්‍යාපාර සඳහා ණය දීමට රුපියල් මිලියනය බැගින් ග්‍රාම නිලධාරී කොට්ඨාසවලට වෙන් කෙරේ.

ජාතික තරුණ සේවා සභාව හා යොවුන් සේනාංකයට රුපියල් මිලියන 400ක් වෙන් කෙරේ.

නව සමාගමක් ආරම්භ කරන විශ්ව විද්‍යාල උපාධිධාරීන් සඳහා රුපියල් මිලියන 1.5ක ණය මුදලක් ඉදිරියට ගෙන යයි. මේ සඳහා සියයට සියයක පොලී සහනයක් ලබා දේ.

ජන සංයුතියේ ප්‍රතිඵල නෙළා ගැනීමට උසස් අධ්‍යාපනයේ ආයෝජන අංශ සඳහා තරුණ තරුණියන් හා කාන්තාවන්ට අවැසි දැනුම හා නිපුණත්වය ලබා දී නිදහස් තාක්ෂණ අධ්‍යාපනය ලබා දීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දෙයි.

දුම්රිය ක්ෂේත්‍රයට පෙර ගෙවුම් කාඩ්පතක් හදුන්වාදීමට යෝජනා කෙරේ.

ජන සංයුතියේ සිදුවන වෙනස්කම්වලට අනුව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය පිපිරීමට ආසන්න කාල බෝම්බයකි. දායක විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන් කෙරේ.

වැවිලි ක්ෂේත්‍රයේ ලයින් කාමරවල ජීවත් වන්නන් වෙනුවෙන් නිවාස 25000ක් ඉදි කෙරේ. ඉඩම් සහ අනිකුත් පහසුකම් රජයෙන් නොමිලේ ලබා දෙයි.

අඩු හා මධ්‍යම ආදායම් පවුල් වෙනුවෙන් නිවාස පන් ලක්ෂයක්

අයවැයෙන් චම්පිකට මිලියන 750ක්

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා යටතේ ක්‍රියාත්මක මහානගර ව්‍යාපෘතියට රුපියල් මිලියන 750ක් අයවැයෙන් වෙන්කර ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අයවැය යෝජනා ඉදිරිපත්කරමින් අද (10) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

වැඩිදුරටත් අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මෙසේ කීය.

ගෝල්ඩන්කී තැම්පත්කරුවන් සඳහා ඉතිරි මිලියන 3000ක මුදල ලබා දීමට කටයුතු කෙරෙයි.

මාර්තු 31 වැනි දා සිට නව අභ්‍යන්තර ගුවන් සේවයක් ආරම්භ කෙරේ.

බස් රියදුරන්, කොන්දොස්තරවරුන් හා පිරිසිදු කරන්නන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් හඳුන්වාදේ.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් හා පෞද්ගලික බස් ඒකාබද්ධ කාලසටහනක් අනුව ධාවය කිරීමට යෝජනා කෙරේ.

පාසල් වෑන් රථ හිමියන්ට ආසන 32 බස් රථවලට මාරු වීමට දිරි ගන්වයි. ඒ සඳහා පොලී සහන ලබා දෙයි.

ත්‍රීරෝද රථ වෙනුවට රෝද හතරේ විද්‍යුත් කාර් හඳුන්වා දෙයි.

පාඩු ලැබූ මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් නැවත ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙගා පොලිස් අමාත්‍යංශය සඳහා රුපියල් මිලියන 7500ක මුදලක් වෙන් කිරීමට යෝජනා කෙ‍රේ.

ආනයන අපනයන බැංකුවක් ස්ථාපිත කිරීමට යෝජනා කරන අතර ඒ සඳහා රුපියල් මිලියන 10,000 වෙන් කෙරේ.

දක්ෂිණ අධිවේගී මාර්ගය බදුල්ල දක්වා දිගු කිරීමට යෝජනා කෙරේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ශාඛා පිහිටුවීමට කැමති ප්‍රධාන පෙළේ සමාගම් සංස්ථාපිත බද්ධෙන් නිදහස් කෙරේ.

ඉදි කිරීම් කර්මාන්තයට අදාළව පැවැති සියයට 25ක සෙස් බදු ඉවත් කෙරේ.

ලංකාවේ ආයෝජනයට පැමිණෙන විදේශිකයන් සඳහා පස් අවුරුදු වීසා ලබා දීමට කටයුතු කරේ.

මහ බැංකුවෙන් ක්‍රියාත්මක ‘සෞභාග්‍යා‘ හා ‘ස්මයිල්‘ ණය යෝජනා ක්‍රම වෙනත් ණය යෝජනා ක්‍රම සමග ඒකාබද්ධ කිරීමට යෝජනා කෙරේ.

ෆාමසි ලියාපදිංචිය අනිවාර්ය කරයි : රෝගීන්ට රෝහලින් පිටවෙද්දී බිලක්

සියලු ඖෂධ හල් ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවත්, සෑම රෝගියකුටම රෝහලෙන් පිටවන විට තම ප්‍රතිකාර සඳහා ගිය වියදම සටහන් කළ බිලක් ලබා දීමට පියවර ගන්නා බවත්, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අයවැය යෝජනා ඉදිරිපත්කරමින් අද (10) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

වැඩිදුරටත් අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මෙසේ කීය.

කොළඹ නගරයේ විශේෂිත අත්කම් මධ්‍යස්ථාන ඇති කිරීමට රුපියල් මිලියන 100ක් වෙන් කෙරේ.

දේශීය කලාකරුවන් නැංවීමට ලක්සල විසින් ඔවුන් වෙත ගෙවිය යුතු හිඟ මුදල් මාසයක කාලයකින් ගෙවා නිමකරන ලෙස ඉල්ලා සිටිනවා.

රැකියා අවස්ථා උත්පාදනය කරන සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් සඳහා රුපියල් මිලියන 250 සිට බිලියන 750 දක්වා ණය ලබා දීමට යෝජනා කෙරේ.

බැංකුවල ණයවලින් සියයට 10ක් සුළු හා මධ්‍යම පරිමාන ව්‍යවසායකයන් සඳහා වෙන් කිරීමට යෝජනා කෙරේ.

සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකවල මූල්‍ය පහසුකම් සඳහා ණය සුරැකුම් ක්‍රමයකින් ආරම්භ කරමින් එහි මූල්‍ය ප්‍රාග්ධනය සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ.

ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් දිගු කාලීන කුලී පදනම මත ලබා දෙයි.

සියලු ඖෂධ හල් ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචි විය යුතුය.

සෑම රෝගියකුටම රෝහලෙන් පිටවන විට තම ප්‍රතිකාර සඳහා ගිය වියදම සටහන් කළ ලියැවිල්ලක් ලබා දීමට පියවර ගැනේ.

කරාපිටිය, අම්පාර සහ යාපනය රෝහල්වල විශේෂ ළමා ඒකක ඇති කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන් කෙරේ.

හෙද පුහුණු පාසල් සඳහා මිලියන 200ක් වෙන් කෙරේ.

තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය ලබා දීමට පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගනිමින් රජයේ නොවන උපාධි ආයතන රට තුළට පිවිසීමට අවස්ථාව ලබා දේ. අධ්‍යාපනයේ ගුණාත්ම මට්ටම සඳහා ප්‍රමිතිකරණ මණ්ඩලයක් ඇති කෙරේ.

ලංකාවේ අධ්‍යාපනය හැදෑරීමට කැමති විදෙස් සිසුන්ට පස් අවුරුදු වීසා ලබා දීමට යෝජනා කෙරේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කළ පෞද්ගලික අධ්‍යාපන ආයතන සඳහා එසෙඩ් ලකුණු පදනම් කරගෙන ඇතුළු වන සිසුන් 15000ක් සඳහා එක් සිසුවකුට පාඨමාලා ගාස්තුවෙන් ලක්ෂ අටක ණය මුදලක් ලබා දීමට යෝජනා කෙරේ.

උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට නොමිලේ ටැබ්

උසස් පෙළ පංතිවල සිසුන් 175,000ට හා ගුරුවරුන් 28,000ට ටැබ් සඳහා රුපියල් මිලියන 5,000 ක් ලබාදෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අයවැය යෝජනා ඉදිරිපත්කරමින් අද (10) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

විශ්ව විද්‍යාලවල දේශන පවත්වන කාලය රාත්‍රී අට දක්වා දීර්ඝ කිරීමට යෝජනා කෙරේ.

ලංකාවේ අධ්‍යාපනය හැදෑරීමට කැමති විදෙස් සිසුන්ට පස් අවුරුදු වීසා ලබා දීමට යෝජනා කෙරේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කළ පෞද්ගලික අධ්‍යාපන ආයතන සඳහා එසෙඩ් ලකුණු පදනම් කරගෙන ඇතුළු වන සිසුන් 15000ක් සඳහා එක් සිසුවකුට පාඨමාලා ගාස්තුවෙන් ලක්ෂ අටක ණය මුදලක් ලබා දීමට යෝජනා කෙරේ.

විශ්ව විද්‍යාල 17කින් ඉංජිනේරු, වෛද්‍ය, නීතිය හදාරණ සිසුන්ගෙන් තෝරා ගත් සිසුන් තිදෙනකුට ලොව උසස්ම සරසවිලවට යෑමට ශිෂ්‍යත්ව ක්‍රමයක් ඇති කෙරේ.

සරසවිවලට හා උසස් අධ්‍යාපන ආයතනවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 2020 වන විට තව 50,000කින් වැඩි කෙරේ.

අවුරුදු පහේ සිට 19 දක්වා මිලියන 4.5ක පාසල් දරුවන්ට එක් දරුවකුට රුපියල් ලක්ෂ දෙකක් වන පරිදි රක්ෂණ ක්‍රමයක්

උසස්පෙළට හා සාමාන්‍ය පෙළට නව විශයන් හඳුන්වාදෙනවා.

උපෙල සිසුන් හා ගුරුවරුන් නොමිලේ ටැබ් පරිගනක ලබාදීමට රු 5000 ලබා දීමට කටයුතු කරනවා.මේ සඳහා නොමිලේ වයිෆයි සහ අන්තර්ජාල පහසුකම් ලබාදීමට දුරකථන සමාගම් වෙත ආරාධනා කරනවා.

විශේෂ අධ්‍යාපනය ලබන සිසුන්ට ලබා දෙන දෛනික දීමනාව රුපියල් 50 සිට 150 දක්වා වැඩි කෙරේ.

ප්‍රාථමික හා ද්විතියීක පාසල් වල විද්‍යාගාර, පුස්තකාල ඇතුළු පහසුකම් වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 21,000ක්.

2017 වසර අවසන් වන විට දිවයිනේ පාසල් 100ක් සඳහා ජල, විදුලි හා සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 5000ක් වෙන් කෙරේ

පාසල් 35000කට තොරතුරු තාක්ෂණ පහසුකම් සඳහා රුපියල් මිලියන 5000ක්

උසස්පෙළ පංතිවල සිසුන් 175000ක් ගුරුවරුන් 28000ට ටැබ් සඳහා රුපියල් මිලියන 5000

පාසල් වල යටිතල පහසුකම් වර්ධනයට රුපියල් මිලියන 5000.

අධ්‍යාපනයට මිලියන 90000ක ප්‍රතිපාදන වෙන්කරනවා.

කිරි ගොවියන්ට ගවයන් 10ක් දෙනවා - රවී

දියර කිරි නිශ්පාදනය වැඩි කිරීමට උසස් තත්ත්වයේ කිරි ගවයින් 15,000ක් ආනයනය කිරීමට විදෙස් රටවල් සමග සාකඡ්චා කර ඇති බවත්, එක් කිරි ගොවියකුට අවම වශයෙන් කිරි ගවයන් 10 දෙනකු ලබා දීම අරමුණ බවත් මුදල් අමාත්‍යවරයා සිය අයවැය යෝජනා ඉදිරිපත්කරමින් කියා සිටියේය.

භූගත ජලය පරීක්ෂා කිරීම පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 200

කුඹුක්කන් ඔය ව්‍යාපෘතිය මොනරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනවා.

බහුකාර්ය වාරි ව්‍යාපෘති කඩිනම් අවසන් කරනවා. ඒ සඳහා මිලියන 1000ක් වෙන් කරනවා.

මල් පැල තවාන් ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ 5ක් දක්වා ණය දෙනවා. ඒ සඳහා 50%ක පොලී නිදහසක් දෙනවා.

කුකුළු මස් ආනයනට රජය පසු බට වන්නේ නෑ.

කුකුළු මස් සඳහා උපරිම මිල සීමා කරනවා.

කුකුළු ආහාර සඳහා බඩඉරිගු සෙස් බද්ද ඉවත් කිරීමට කටයුතු කරනවා.

වෙරළාරක්ෂක ධීවර කළාප වර්ධනය කිරීමට මිලියන 1200.

අගය එකතු කළ මත්ස්‍ය අපනයන වර්ධන කිරීම සඳහා කර්මානත් පුුර සඳහා රුපියල් මිලියන 500ක් වෙන්කරනවා.

ධීවර වරායවල්හි යටිතල පහසුකම් හා නැංගුරම් පහසුකම් වැඩි කිරීමට රුපියල් මිලියන 1350ක්.

මත්ස්‍ය සැකසුම් හා ටිං කිරීම වැනි අපනයන සැකසුම් සඳහා හම්බන්තොට ඇතුළු පෙදෙස් වල මිරිදිය මත්ස්‍ය කලාප ඇති කිරීමට මිලියන 700ක්.

දේශීය කිරි නිශ්පාදනය වැඩි කිරීමටත් පාරිභෝගිකයන් පෙළඹවීමටත් ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක පෙර මිල අඛණ්ඩව පවත්වාගෙන යනවා.

කිරි ගොවි කලාප පිහිටුවීමට අපේක්ෂා කෙරේ.

දියර කිරි නිශ්පාදනය වැඩි කිරීමට උසස් තත්ත්වයේ කිරි ගවයින් 15000ක් ආනයනය කිරීමට විදෙස් රටවල් සමග සාකඡ්චා කර ඇත. එක් කිරි ගොවියකුට අවම වශයෙන් කිරි ගවයන් 10 දෙනකු ලබා දීම අරමුණයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top