Jun 15, 2017

යාල රජා යාලට නොඑන්නම යයි (වීඩියෝ)

 
යාල ජාතික වනෝද්‍යානයේ සිටි විශාලම ඇතා වූ 'තිලක්' නැමති හස්තියා ඊයේ(14දා)  සවස යාල වනෝද්‍යානයේ  'තනි දළයා' ලෙස හැඳින්වෙන ඇතාගේ පහර කෑමෙන් මිය ගොස් තිබේ.
 
ඇතුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමකින් ඇතාගේ උදර ප්‍රදේශයට තනි දළයා පහර දීමෙන් ඇති වූ තුවාලයක් හේතුවෙන් මෙම ඇතා මියගොස් ඇති බව පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතා ප්‍රකාශ කරයි.
 
යාල වනෝද්‍යානයේ සිටි මෙම තිලක් නැමති හස්තියාට වයස අවුරුදු 50ක් පමණ වන අතර වයස්ගතව පසුවීම නිසා දුර්වල තත්වයේ සිටි බැවින්  අනෙක් ඇතාගේ පහරකෑමට ලක් වී ඇති බව වනජීවී නිලධාරීන් ප්‍රකාශ කරයි.
 
ඇතාගේ පශ්චාත් මරණ කටයුතු 14 වනදා  සවස ලුණුගම්වෙහෙර වනජීවී කාර්යාලයේ වනජීවී පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්තිගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබේ.
 
 රුහුණේ දක්නට ලැබෙන රුහුණු ගැටවු නැමැති කුරු අලි පරපුරට අයත් ඇතුන් මේ වන විට රුහුණේ දක්නට ලැබෙන්නේ දහ දෙනෙකුට වඩා අඩු ප්‍රමාණයකි.
 
ඒ අතර යාල ගැමුණු හා තිලක් මෙන්ම කපිල ඇතුන් ජනප්‍රිය ඇතුන්ය.
 
විවිධ හේතුන් නිසා ඇතුන් මියයාමෙන් කඩොල් පරපුරේ ඇතුන්ගේ අවසානයක් රුහුණේ දක්නට ලැබේ
 
2011 ශ්‍රී ලංකා වනජීවී දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද සංගණනයට අනුව ලංකාවේ සමස්ත ඇතුන්ගේ ග්‍රහණය 120 ක් පමණ වේ
 
මේ දක්වා ඉන් ඇතුන් කීපදෙනෙකුම මියගොස් ඇති අතර රුහුණේ දක්නට ලැබෙන්නේ ඇතුන් 10 කට අඩු ප්‍රමාණයක් බවද වාර්තා වේ
 
විඩීයෝ -හිරු නිවුස්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top