Jun 16, 2017

කැලණිය සරසවිය සතියක් වැසේ

කැලණිය විශ්වවිද්‍යාලය අද දහවල් 12 සිට සතියක කාලයක් වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.

ඒ, විශ්වවිද්‍යාලය තුළ පැතිර යන උණ රෝගයක් හේතුවෙනි.

විශ්වවිද්‍යාලයේ සියලූම පීඨ මේ අනුව වසා දැමෙන බව පාලනාධිකාරිය සඳහන් කර සිටියි.

අද පෙරවරුවේ විශ්වවිද්‍යාලයේ දේශන පැවැත්වෙන අතර, නේවාසිකාගාරවල සිටින සියලූම සිසුන්ට අද දහවල් 12 න් පසු ඉවත්වන ලෙස දැනුම්දී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top