Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 10, 2016

'ප්‍රගතියක් තියෙන අයවැයක්' - ශ්‍රීලනිපය

ගියවර අයවැය සමග සංසන්දනය කරද්දී මෙවර අයවැයේ ප්‍රගතියක් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසිය.

අයවැය ප්‍රකාශයෙන් පසු මාධ්‍යවෙත අදහස් දක්වමින් එසේ පැවසු ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

''ගියවර අයවැය සකස් කරද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපව සම්බන්ධ කරගත්තේ නැහැ. ඒ නිසා අපට සිදුවුනා සංශෝධන විසි ගානක් අයවැයට ගෙන එන්න.

මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ මතය යෝජනාවන් ලෙස අයවැය සකස් කිරීමට පෙර රවී කරුණාකනායක ඇමතිතුමාට අපි බාර දුන්නා. ඒ නිසා වතාවන් කීපයක්ම මේ අයවැය ගැන අපිත් එක්ක සාකච්ඡා කළා. ඒනිසා මෙවර අයවැයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ යෝජනා ගණනාවයක් ඇතුලත් වෙලා තියෙනවා.

අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකම අපේ යෝජනා ඇතුලත් වෙලා තියෙනවා.

ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ යෝජනා සම්මුතිවාදී ආණ්ඩුවේ අයවැයට ඇතුලත් නිසා මෙවර අයවැයට සංශෝධන ගෙනැල්ලා ගියවර වගේ අයවැය අවුල් ජාලාවක් කරගන්න ඕනි නැහැ.

මේ මොහොතේ ලෝක දේශපාලනයේ තියෙන ප්‍රශ්න දෙස බැලූවිටත්, රටේ තියෙන ප්‍රශ්න ලෙස බැලූවිටත් මෙවර අයවැයත් එක්ක අපිට ඉදිරියේදී කටයුතු කරන්න හැකියාව තියෙනවා.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top