Nov 10, 2016

රථවාහන අවම දඩය රු.2000කින් වැඩිවේ !

රථවාහන සඳහා අය කරන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා වැඩි කිරීමට අද ඉදිරිපත් කළ අයවැය තුළින් යෝජනා කෙරින.

එම දඩ මුදල දුරකථනය මගින් ගෙවිය හැකිවේ.

මේ වන විට රථවාහන සඳහා අය කරන අවම දඩ මුදල රුපියල් 500කි.

එමෙන්ම රිය අනතුරු අවම කිරීමේ අරමුණින් විද්‍යුත් මෝටර් රථ හඳුන්වා දීමේ වැඩසටහනක් ද ආරම්භ කිරීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අයවැය කතාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේය.

එමෙන්ම පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ හිමියන්ට ආසන 32කින් යුත් බස් රථවලට මාරුවීම දිරිගැන්වීම සදහා සියයට 75ක පොලී සහන යටතේ ණය ලබාදීමට ද යෝජිතය.

ත්‍රීරෝද රථ සහ පාසල් වෑන් රථ ක්ෂේත්‍රය විධිමත් අයුරින් නියාමනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට ද මෙවර අයවැය මගින් යෝජනා කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top