Jun 18, 2017

අංගොඩ ලොක්කා හා ලඩියා ඉන්දියාවෙන් පැනලා ? Featured

ඉන්දියාවේදී ව්‍යාජ ගුවන් ගමන්බලපත්‍ර දෙකක් සමඟ අත්අඩංගුවට ගැණුන කළුතරදී බන්ධනාගාර බස් රථය 2කට පහරදී සමයං ඇතුළු හත්දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන අංගොඩ ලොක්කා හා අතුරුගිරියේ ලඩියා නැමැති පාතාල සාමාජිකයන් පැනගොස් ඇති බව ඉන්දියාවෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඔවුන් මෙසේ පැනගොස් ඇත්තේ ඉන්දීය අධිකරණයකින් ඇප ලබා ගැනීමෙන් පසුව බවද පැවසේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ඒකකය විසින් උදර්පන නීතිය යටතේ අංගොඩ ලොක්කා හා ලඩියා ලංකාවට ගෙනඒමට අවශ්‍ය සියළු කටයුතු යොදා තිබූ බවත් එය මඟහරිමින් ඉන්දිය බන්ධනාගාර නිලධාරින් මොවුන් නිදහස්කර ඇති බවද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් ආරක්ෂක අංශවලින් විමසීම් කළද ඔවුන් මේ සමබන්ධ තොරතුරු නොදන්නා බව කියා සිටියේය. එසේම එවැන්නක් මෙතෙක් වාර්තා වී නොමැති බවද ඔවුන් කීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top