Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jun 18, 2017

ආගමික ස්ථාන 190 කට පහරදුන් බවකී ලක්ෂාන්ගේ කථාව

දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට සහභාගි වෙමින් නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා විසින් ආගමික ස්ථාන 190 කට පහර දුන් බවට උපුටා දැක්වූ National Christian Evangelical Alliance of Sri Lanka වාර්තාව මෙසේය. 

National Christian Evangelical Alliance පිහිටවනු ලැබූවේ 1952 දී ය. එය රටේ දහස් ගණනක් පුරවැසියන් නියෝජනයක් සහිත ‘දේව ධර්මය පතුරන ආයතනයකි‘. බයිබල් සංගමය, කිතු සෙවන ඇතුළු සංවිධාන ගණනාවක් එයට ඇතුලත් ය.

යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව 2015 වසරේ සුළුතර ආගමික කණ්ඩායම් වෙත ප්‍ර‍චණ්ඩක්‍රියා 90 ක් ද, 2016 සිදුවීම් 89 ක් ද, 2017 දී සිදුවීම් 36 ක් වාර්තා වී ඇතැයි . Sri Lanka Summary Report on Religious Freedom May 2017 නැමති වාර්තාවේ සදහන් වේ. 2014 වසරේ දී ප්‍ර‍චණ්ක්‍රියා 111 වාර්තා වී ඇතැයි වාර්තාවේ සදහන් ය.
ක්‍රිස්තියානි පල්ලි ගිණිතැබීම, කඩා බිද විනාශ කිරීම, දේපල අලාභ කිරීම, පුජකවරුන් වෙත පහරදීම, මරණ තර්ජන, හිරිහැර කිරීම, බලහත්කාරයෙන් ඉවත් කිරීම සිදුවන බව වාර්තාවේ දැක්වේ. මුස්ලිම් ආගමිකයින්ට එරෙහිව සිදුවීම් 44 ක් වාර්තා වී ඇති අතර එයින් සිදුවීම් 221 ක් ම වාර්තා වී ඇත්තේ 2017 වසරේ දී ය. පහරදීම්, ගම්වැසියන්ට තර්ජනය කිරීම, ව්‍යාපාරික ස්ථාන වෙත තර්ජන, හා වෛර භාෂාව භාවිත කිරීම සිදුවන බව ද National Christian Evangelical Alliance of Sri Lanka ආයතනය විසින් නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

ඉවැංජලිකන් පල්ලිය යනු කතෝලික සභාව සහ ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය මෙන්ම එකිනෙකට වෙනස් ආගමික කණ්ඩායමකි. කතෝලික සභාවේ කණ්ඩායම් හා ඔවුන් අතර දිගු කාලීන විරසකයක් පවතී. කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් ඉවැංජලිකන් පල්ලිය නියෝජනය නොකරන අතර, එයට මතවාදී විරෝධයක් දරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top