15976 BM WEB BANNER 01
Jun 19, 2017

ගීතාගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට සුදුසුකම් ලබන්නේ නැති බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ඇය ගොනු කළ පෙත්සම විභාග කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.

ඒ අනුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ ප්‍රධානත්වයෙන් යුත් එම විනිසුරු මඩුල්ල හමුවේ අදාල පෙත්සම විභාග කෙරෙනු ඇත.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අගවිනිසුරුවරයා පියවර ගෙන ඇත්තේ අදාල අභියාචනා පෙත්සමේ වගඋත්තරකරුවන් කළ ඉල්ලිමක් සලකා බැලීමෙන් අනතුරුවය.

ගීතා කුමාරසිංහ ගොනු කළ අභියාචනා පෙත්සම සැප්තැම්බර් මස 25 වැනිදා විභාගයට ගැනීමට දින නියම කර තිබේ.

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවට අභියාචනාධිකරණය තීන්දු කළේ පසුගිය මැයි මස 03 වනදාය.

ඊට එරෙහිව ගීතා කුමාරසිංහ මැයි මස 09 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනු කළාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top