Jun 19, 2017

විග්නේෂ්වරන්ට ගෙනා දෝශාභියෝගය ඉල්ලා අස්කරගනියි !

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සිවි විග්නේෂ්වරන් මහතාට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ඉල්ලා අස්කර ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කර තිබේ.

ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතාට ලිපියක් යොමු කරමින් සම්බන්ධන් මහතා සඳහන් කරන්නේ, උතුරු පළාත් ආණ්ඩුකරවරයාට දුරකතනය ඔස්සේ ඒ බව දැනුම් දුන් බව ය.

ස්වාධීන නීත්‍යානුකුල පරීක්ෂණයට බාධා නොකරන ලෙස අදාළ අමාත්‍යවරුන් දෙදෙනාට තමන් උපදෙස් ලබාදෙන බව ද එම ලිපියේ සඳහන්වේ.

හැකි ඉක්මනින් ප්‍රධාන අමාත්‍යවරයා හමු වී අනෙකුත් ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ආර්. සම්බන්ධන් මහතා සිය ලිපියෙන් පෙන්වා දුන්නේ ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top