Nov 11, 2016

මිරිහානෙන් පැන්න වකුගඩු ජාවාරම්කාරයෝ 6න් 5ක් අල්ලයි

වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සැකපිට රඳවා තිබියදී මිරිහාන රැදවුම් කඳවුරෙන් පලාගිය ඉන්දියානුවන් 6 දෙනාගෙන් 5 දෙනෙකු තලෙයිමන්නාරමේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

පොලිසිය කියා සිටියේ සැකකරුවන් කොළඹ අපරාධ වාර්තා කොට්ඨාශය වෙත භාර දීමට නියමිත බවයි.

සැකකරුවන් මිරිහාන රැදවුම් මධ්‍යස්ථානයෙන් පළා ගොස් ඇතැයි පසුගිය සඳුදා කොළඹ අපරාධ වාර්තා කොට්ඨාශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබිණි.

මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිසියද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top